Sunday, June 5, 2011

කන්ඩලම හෝටලය ගැන බිදක්.

කන්ඩලම වැවට ආසන්නයේම ඉදිවී ඇති කණ්ඩලම හෝටලය ඉතා දැකුම්කලු පරිසරයක ඉදිවී ඇත.වර්ෂ 1994 ඉදිවී ඇති කණ්ඩලම වර්ෂ 2005 දෙසැම්බර්  වල නැවත අලුත් කර ඉදිවී ඇත.කණ්ඩලම හෝටලය සැලසුම් කලේ ලොව අග්‍රගන්‍ය නිර්මාණකරුවෙක් වන දේශමාන්‍ය Geoffery Bawa විසින්ය .ඔහුගේ අග්‍රගන්‍ය නිර්මාණයක් වන කණ්ඩලම හෝටලය කාමර 152 කින් යුක්ත වෙයි.හෝටලය ඉදිකිරීමට මාස 22 ක පමණ කාලයක් වැය වී ඇත.එමෙන්ම 2005 නැවත හෝටලය සකස් කිරීමට මාස  7 ක් පමණ ගොස් ඇති අතර එහි නිර්මාණ ශිල්පියා වී ඇත්තේ චන්න දස්වත්තේ මහතායි.

Saturday, May 21, 2011

Unit Trust වල ආයෝජනය කල යුත්තේ ඇයි?

මුදල් ආයෝජනය කරන්න කව්රුත් කැමතියි.මොකද නිකන්ම බැංකුවක දල තියනවට වඩා ඒවා යම්කිසි වියපරයකට යොමු කිරීමෙන් ලාබ ලබාගැනීම කාගේත් අරමුනයි.විසේශයෙන්ම දැන් බැංකුවල පවතින අඩු පොලි අනුපාත නිසා බැංකුවේ මුදල් හිර කරනවට වඩා ඒවා යම් කටයුත්තකට යොදා ගැනීම මගින් මුදල් උපයා ගැනීමට හුග දෙනෙක් කැමතියි.නමුත්  බහුතරයක් වන සාමාන්‍ය ජනතාවට තමන්  යෙදෙන රැකියාවේ නියෙලෙමින් තව වියාපාරයකට යෙදීමේ ප්‍රයෝගික අපහසුතාවය තියෙනවා.මේ නිසා හුග දෙනෙක් තම මුදල් කොටස් වෙළදපල තුල ආයෝජනය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.
නමුත් හුග දෙනෙකුට මෙසේ කොටස් වෙළදපල තුල ආයෝජනය කිරීම ගැන හොද අවබෝධයක් මෙන්ම කොටස් වෙළදපල හැසිරෙන ආකාරය පිළිබද හොද අවබෝධයක් නොමැති කම නිසා පාඩු විදීම දකින්නට පුළුවන්.අනිත් කාරණය වන්නේ කොටස් වෙළදපලේ ඇති blue chip ,එනම් හොදම  සමාගම් වල ආයෝජනය කිරීමට සාපේක්ෂව ලොකු මුදල් ප්‍රමාණයක් උවමනා වීමයි.

Sunday, April 24, 2011

තවත් සමාගමක් තම කොටස් නිකුත් කරයි-EXPOLANKA HOLDINGS LIMITED

EXPOLANKA HOLDINGS LIMITED සමාගම තම කොටස් මහජනයාට මෙම මැයි මාසයේදී නිකුත් කිරීමට සැරසෙයි.ප්‍රවාහන.ජාත්‍යන්තර වෙළදාම හා නිෂ්පාධන අංශයන්හි EXPOLANKA  සමාගම තම  වෙළද කටයුතු පවත්වාගෙන යනු ලබයි.1978 දී ආරම්බ  කරන ලද මෙම සමාගම රටවල් 10 ක පමණ(ආසියාව,අප්‍රිකාව,මැද පෙරදිග) තම  වියාපාර කටයුතු පවත්වාගෙන යනු ලබයි.දැනට සේවකයන් 3000 ක් පමණ සේවය කරන මෙහි කොටස් වෙළද පලට පිවිසීම තුලින් තවත් ශක්තිමත් ගමනකට පියවර තැබීමට ඔවුන් සුදානම් වෙයි.

Thursday, April 14, 2011

සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා

ලැබුවා වූ අලුත් අව්රුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන ,සවබග්යමත්, සියලු පැතුම් ඉටුවෙන ,රැකි රක්ෂා දියුණු වෙන ,කරන කියන හැම වැඩේම එල කිරි වගේ හරි යන, පෙට්රෝල් ගණන් නොයන ,වැඩිපුර පඩියක් ලැබෙන ,හොද ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකක් ලැබෙන,කෙල්ල තරහ  නොවෙන,කෙල්ලෝ සෙට් වෙන , සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.

Thursday, February 17, 2011

Ubuntu install කිරීමෙන් පසු

අද දවස නම් එපා උනා.joomla දාන්න ගිහිල්ල මම නා ගත්තා.කොහොමහරි එකෙන් මේකෙන් උනේ මට අපහු උබුන්ටු දාන්න වෙච්ච එකයි.මම දන්නවා වැඩිය කට්ටිය උබුන්ටු පාවිච්චි කරන්නේ නැහැ තමයි.මම නම් උබුන්ටු වලට හැරිලා මාස 10 ක් විතර ඇති.මොන උනත් උබුන්ටු දාපු ගමන්ම පාවිච්චි කරන්න බැහැනේ පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියනවා.එතකොට තමයි උබුන්ටු සුමටව පාවිච්චි කරන්න පුළුවන්.ඔයගොල්ලන්ගේ දැන ගැනීම උදෙසා මම උබුන්ටු 10.10  දාගත්තට පස්සේ අපි කල යුතු දේවල් ටිකක් ගැන විස්තර කරන්නම්.මේ දේවල් අනිවාර්ය නැතුව සේම තව  කෙනෙක් මීට වඩා වෙනස් විදිහට උබුන්ටු සකසා ගැනීම කරනවා විය හැකියි.

Saturday, January 29, 2011

අලුත් නෝට්ටු එනවා

ලංකා රජය මගින් අලුත් නෝට්ටු මුද්‍රණය කර ඇත.අලුත් නෝට්ටුවක් ලෙස 2011 දී එකතු වී අත්තේ රුපියල් 5000 නෝට්ටුව යි .එමෙන්ම පෙර තිබු 1000,500,100,50,20 යන මුදල් නෝට්ටුද නව ආකාරයකට මුද්‍රණය වී ඇත.මෙහිදී පෙර තිබු 10 නෝට්ටුව වෙනුවට අලුත් නෝට්ටුවක් මුද්‍රණය කර නැත.මහ බැංකුව කියා සිටියේ තවදුරටත් 10 නෝට්ටු මුද්‍රණය නොකරනබවත් ඒ වෙනුවට 10 කාසි නිකුත් කරන බවයි.
මෙම සියලු මුදල් නෝට්ටු පෙබරවාරි 4 වන දින යෙදෙන ජාතික නිදහස් දිනයේදී ජාතික මුදල් එකතුවට මුදාහැරේ.කෙසේ නමුත් දැනට පාවිච්චි කරන මුදල නෝට්ටු හා කාසි වලට කිසිම තහනමක් නොමැති අතර ඒවා පෙර සේම පාවිච්චියට ගත හැකි බව මහ බැංකුව කියා සිටියා.මෙම සියලු නෝට්ටු සදහා නව තාක්ෂනය යොදා ගෙන ඇති බවත් ,ආරක්ෂාව අතින් ඉතා ඉහල තැනක තිබෙන නෝට්ටු විශේෂයක් බවත් කිව යුතුයි.පෙර තිබු නෝට්ටු වල දිය සලකුණ ලෙස සිංහයා යොදා ගෙන තිබුනත් නව නෝට්ටු වල දිය සලකුණ ලෙස යොදාගෙන ඇත්තේ පක්ෂීන් විශේෂයන් වෙයි.

Sunday, January 16, 2011

අලුත්ම dialog broadband charges

ජනවාරි 15 වෙනිදා ඉදල dialog broadband charges වෙනස් වෙලා තියනවා.එක අපිට හොද ආරංචියක්.call center එකේ කෙල්ල කිව්වා විදිහට මේක අපිට ලැබුණු ලොකු chance එකක්.මම හැබය් ඔක්කොම packages වල විස්තර ඇහුවේ නම් නැහැ.මම අහපු විස්ටර ටික විතරක් දාන්නම්.

මුදල/පැකේජය
ලැබෙන free GB ගණන
490/-
2GB
690/-
3GB
990/-
5GB