Thursday, February 17, 2011

Ubuntu install කිරීමෙන් පසු

අද දවස නම් එපා උනා.joomla දාන්න ගිහිල්ල මම නා ගත්තා.කොහොමහරි එකෙන් මේකෙන් උනේ මට අපහු උබුන්ටු දාන්න වෙච්ච එකයි.මම දන්නවා වැඩිය කට්ටිය උබුන්ටු පාවිච්චි කරන්නේ නැහැ තමයි.මම නම් උබුන්ටු වලට හැරිලා මාස 10 ක් විතර ඇති.මොන උනත් උබුන්ටු දාපු ගමන්ම පාවිච්චි කරන්න බැහැනේ පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියනවා.එතකොට තමයි උබුන්ටු සුමටව පාවිච්චි කරන්න පුළුවන්.ඔයගොල්ලන්ගේ දැන ගැනීම උදෙසා මම උබුන්ටු 10.10  දාගත්තට පස්සේ අපි කල යුතු දේවල් ටිකක් ගැන විස්තර කරන්නම්.මේ දේවල් අනිවාර්ය නැතුව සේම තව  කෙනෙක් මීට වඩා වෙනස් විදිහට උබුන්ටු සකසා ගැනීම කරනවා විය හැකියි.

network connection එක සාදා ගැනීම

මොන කරන්නත් internet තියෙන්න එපෑ. ඉතින් මුලින්ම කරන්නේ system --->preferences --->network connection ගිහිල්ල අපේ ඉන්ටෙර්නෙට් සබදතාවය සාදා ගත යුතුයි.එහිදී ඔබ පාවිච්චි කරන ඉන්ටෙර්නෙට් සබතවයේ ආකාරයට (උද-wired,wireless,mobile broadband)සකසා ගැනීම කල යුතුයි.



 
flash plugin install කිරීම

you tube යන්නත් face book එකේ videos බලන්නත් තව ගොඩක දේවල් වලට මේ ප්ලුගින් එක ඕන වෙනවා.මේවා install කර ගැනීම terminal එක භාවිතයෙන් කරන්න හැකි වුනත් ලේසිම විදිහ ubuntu software center එකෙන් මේවා install කරන එක තමයි.මේ සදහා Applications --->ubuntu software center යන්න.එහි search කිරීමට තිබෙන කව්ලුවේ "flash " ලෙස යතුරු ලියනය කරන විට ඒ හා සමාන සෙවුම් සමගින් flash player plugin එක දිස් වේවි.එහි install බොත්තම ඔබා එය install කර ගන්න .

VLC player එක install කිරීම

සින්දුවක් අහන්න ,film එකක් බලන්න අපිට මේ media player එක ගොඩක් වැදගත්.විශේෂයෙන්ම මෙහි දැනට පවතින බොහෝ formats වල videos හොදින් ධාවනය වෙනවා.මේ සදහාත් ubuntu software center ගිහින් "vlc ' ලෙස යතුරු ලියනය කර එම තෝරා ගැනුණු එක install බොත්තම ඔබන්න. 


tweak install කිරීම

උබුන්ටු ලස්සන කරගන්න එක එක වැඩකෑලි දාන්න tweak අත්‍යවශයි.ඒ සදහා මේ සබැදිය  බාවිතා කරන්න.මෙහි නවතම සංස්කරණය වන 5.10 ඔබට බාගත කරගන්න පුළුවන්.


virtual box install  කිරීම

තව වැදගත්ම එකක් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ඒ virtual box ඒක.තව අමතර operating system එකක් (උද-windows,fedora,mac os) පාවිච්චි කරනවානම් හරි එහෙම නැත්නම් මම දැන් කරන්න හිතන් ඉන්න විදිහට උබුන්ටුම virtual box එකට දාල ඒක කරන පරේෂණ ටික කරලා හරි ගියාට පස්සේ මුල් උබුන්ටු වලට නැවත එම software install කිරීම  මේ හරහා කරන්න පුළුවන්.(නැත්නම් මට උනා වගේ joomla දාන්න ගිහින් මගේ අනිත් software  ටික වැඩ කරන්නේ නැතුව යයි.) ඒ සදහා මේ සබැදිය පාවිච්චි කරන්න(උබුන්ටු සදහා)


ඔය ටික තම මම සාමාන්යෙන් කරන්නේ.තව එකක් අමතක උනා.ubuntu soft ware center එකේදී මොකක්හරි install වෙන්න දුන්නම අපේ root password එක ඉල්ලනවා ආරක්ෂාවට ,ඒක දෙන්න ඕනේ.
තව කරන ඒවා තිබ්බත් අද මම කරන්නේ මේ ටික විතරයි.මේක උබුන්ටු පාවිච්චි කරන කට හරි වැදගත් උනානම් පොඩි comment එකක් දාල යන්නකෝ.

6 comments:

  1. hapoy mama ubuntu dagena anagena inne. tar.gz file extract karanne kohomada. soft wagayak download kala ewa extract karaganna be. wine danna heduwa ekath be podi help ekak deepan machan. mata mail karanawada? naththam methana comment karala mata link eka mail karanawada?

    ReplyDelete
  2. tweak විතරයි හදාගන්න තිබුනෙ .පිල්මි එකක් ඩවුන්ලෝඩි කරගන්න විදිහත් කියල දෙන්න

    ReplyDelete
  3. ෆිල්ම් එකක් download කරනවානම් ලේසිම විදිහ ටොර්රෙන්ට් මගින් download කිරීමයි.එකට bit torrent මෘදුකාංගයක් උබුන්ටු වල install වෙලාම පවතිනවා.එය ලබාගැනීමට application --->internet --->transmission bit torrent client මෘදුකාංගය හරහා බාගත කල හැකියි.වෙලාවක් තිබ්බොත් මේ ගැන විස්තර කරලා post එකක් දාන්නම්.

    ReplyDelete
  4. tar.gz file eka open(double click) karanna. etakota eke "extract" kiyala button ekak tiyanawa.mama pavichchi karanne 10.10 ekenam enawa,oya pavichchi karana version ekata enne natda danne naha.

    ReplyDelete