Saturday, May 21, 2011

Unit Trust වල ආයෝජනය කල යුත්තේ ඇයි?



මුදල් ආයෝජනය කරන්න කව්රුත් කැමතියි.මොකද නිකන්ම බැංකුවක දල තියනවට වඩා ඒවා යම්කිසි වියපරයකට යොමු කිරීමෙන් ලාබ ලබාගැනීම කාගේත් අරමුනයි.විසේශයෙන්ම දැන් බැංකුවල පවතින අඩු පොලි අනුපාත නිසා බැංකුවේ මුදල් හිර කරනවට වඩා ඒවා යම් කටයුත්තකට යොදා ගැනීම මගින් මුදල් උපයා ගැනීමට හුග දෙනෙක් කැමතියි.නමුත්  බහුතරයක් වන සාමාන්‍ය ජනතාවට තමන්  යෙදෙන රැකියාවේ නියෙලෙමින් තව වියාපාරයකට යෙදීමේ ප්‍රයෝගික අපහසුතාවය තියෙනවා.මේ නිසා හුග දෙනෙක් තම මුදල් කොටස් වෙළදපල තුල ආයෝජනය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.
නමුත් හුග දෙනෙකුට මෙසේ කොටස් වෙළදපල තුල ආයෝජනය කිරීම ගැන හොද අවබෝධයක් මෙන්ම කොටස් වෙළදපල හැසිරෙන ආකාරය පිළිබද හොද අවබෝධයක් නොමැති කම නිසා පාඩු විදීම දකින්නට පුළුවන්.අනිත් කාරණය වන්නේ කොටස් වෙළදපලේ ඇති blue chip ,එනම් හොදම  සමාගම් වල ආයෝජනය කිරීමට සාපේක්ෂව ලොකු මුදල් ප්‍රමාණයක් උවමනා වීමයි.