Sunday, April 24, 2011

තවත් සමාගමක් තම කොටස් නිකුත් කරයි-EXPOLANKA HOLDINGS LIMITED

EXPOLANKA HOLDINGS LIMITED සමාගම තම කොටස් මහජනයාට මෙම මැයි මාසයේදී නිකුත් කිරීමට සැරසෙයි.ප්‍රවාහන.ජාත්‍යන්තර වෙළදාම හා නිෂ්පාධන අංශයන්හි EXPOLANKA  සමාගම තම  වෙළද කටයුතු පවත්වාගෙන යනු ලබයි.1978 දී ආරම්බ  කරන ලද මෙම සමාගම රටවල් 10 ක පමණ(ආසියාව,අප්‍රිකාව,මැද පෙරදිග) තම  වියාපාර කටයුතු පවත්වාගෙන යනු ලබයි.දැනට සේවකයන් 3000 ක් පමණ සේවය කරන මෙහි කොටස් වෙළද පලට පිවිසීම තුලින් තවත් ශක්තිමත් ගමනකට පියවර තැබීමට ඔවුන් සුදානම් වෙයි.






කොටස් නිකුතුවේ විස්තර පහත පරිදි වේ.
  • නිකුත් කරන කොටස් ගණන     :    කොටස් 172,000,000
  • කොටසක මිල                     :     රැ: 14
  • නිකුත් කරන කොටස්වල මිල    :     රැ: 2,408,000,000
  • කොටස් නිකුතුවේ ආරම්බක දිනය :     2011 මැයි 12
  • කොටස් නිකුතුවේ අවසාන දිනය :     දායකත්වය ඉක්මවා ගිය දින හෝ 2011 ජුනි 02 දා
  • දායකවන අඩුම කොටස් ගණන :      කොටස් 1000(1000X14=14000)හෝ එහි  ගුණාකාර වලින්

 මෙහිදී නව නීතියට අනුව සිල්ලර කොටස් ඉල්ලුම් කරන්නන්ට(retail customers) 40% ප්‍රතිශතයක් මුල් කොටස් නිකුතුවකින් හිමිවන නිසා අප වැනි සමාන්‍ය පුද්ගලයන්ට මෙම නිසා මෙහි වාසි සැලසෙන අතර මගේ අදහස වන්නේ අප එහි නියම ප්‍රතිලාබ  ලබා ගත යුතු  බවයි.

* මෙහි සිල්ලර කොටස් හිමියන් යනුවෙන් හදුන්වන්නේ කොටස් 3000 ට වඩා අඩුවෙන් හෝ කොටස් මිල රැ 100,000 ට වඩා අඩුවෙන් ආයෝජනය කරන පුද්ගලයන්ටයි.

3 comments:

  1. ඔන්න මං මේක ෂෙයාර් කරනවෝ...........:-D

    ReplyDelete
  2. අර National Asset Management Ltd. එකේ NAMAL unit trust fund කියන්නෙත් මේ කොටස් වලට සම්බන්ද එකක් ද?

    ReplyDelete
  3. unit trust කියන්නේ වෙනම දෙයක් . ඒවා වලින් කරන්නේ කොටස් වෙළදපල ගැන අවබෝදයක් නැති අයගේ මුදල් අරගෙන ඒවා අපි වෙනුවෙන් කොටස් වෙළදපලේ ආයෝජනය කරන එක.namal කියන්නෙත් ඒ වගේ unit trust එකක්.මම මේ ඉහත සදහන් කරලා තියෙන්නේ ලංකාවේ සමාගමක් කොටස් වෙළදපලට ඇතුලත් වීමට සැරසෙන බවයි.මේ ගැන තව විස්තර ඕනේ නම් අහන්න .පැහැදිලි කරලා දෙන්නම්.

    ReplyDelete