Saturday, May 21, 2011

Unit Trust වල ආයෝජනය කල යුත්තේ ඇයි?



මුදල් ආයෝජනය කරන්න කව්රුත් කැමතියි.මොකද නිකන්ම බැංකුවක දල තියනවට වඩා ඒවා යම්කිසි වියපරයකට යොමු කිරීමෙන් ලාබ ලබාගැනීම කාගේත් අරමුනයි.විසේශයෙන්ම දැන් බැංකුවල පවතින අඩු පොලි අනුපාත නිසා බැංකුවේ මුදල් හිර කරනවට වඩා ඒවා යම් කටයුත්තකට යොදා ගැනීම මගින් මුදල් උපයා ගැනීමට හුග දෙනෙක් කැමතියි.නමුත්  බහුතරයක් වන සාමාන්‍ය ජනතාවට තමන්  යෙදෙන රැකියාවේ නියෙලෙමින් තව වියාපාරයකට යෙදීමේ ප්‍රයෝගික අපහසුතාවය තියෙනවා.මේ නිසා හුග දෙනෙක් තම මුදල් කොටස් වෙළදපල තුල ආයෝජනය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.
නමුත් හුග දෙනෙකුට මෙසේ කොටස් වෙළදපල තුල ආයෝජනය කිරීම ගැන හොද අවබෝධයක් මෙන්ම කොටස් වෙළදපල හැසිරෙන ආකාරය පිළිබද හොද අවබෝධයක් නොමැති කම නිසා පාඩු විදීම දකින්නට පුළුවන්.අනිත් කාරණය වන්නේ කොටස් වෙළදපලේ ඇති blue chip ,එනම් හොදම  සමාගම් වල ආයෝජනය කිරීමට සාපේක්ෂව ලොකු මුදල් ප්‍රමාණයක් උවමනා වීමයි.

මෙයට හොද විකල්පයක් ලෙස මම දකින්නේ unit trust වල ආයෝජනයි.unit trust වල ආයෝජනයේ ඇති වාසිය වන්නේ

  • අඩු මුදල් ප්‍රමාණයකින් ආයෝජනය කිරීමට ඇති හැකියාව.(රු:1000 ආරම්බ කල හැක)
  • කොටස් වෙළදපල හැසිරෙන ආකාරය ගැන දැනීමක් ආයෝජනය කරන්නාට අවශ්‍ය නොවීමයි. 
unit  trust  වල ආයෝජනයෙන් අපි ප්‍රතිලාබ ලාබ ගන්නා ආකාරයත් දැන ගත යුතුයි.unit trust  මගින් කරන්නේ අප වැනි විශාල පිරිසකගේ මුදල් එකතුකොට (උදා-රු :1000 බැගින් පුද්ගලයින් 100,000 කගේන්) එම මුදල් කොටස් වෙළද පලේ ආයෝජනය කිරීමයි.මෙහිදී සිදුවන්නේ කොටස් වෙළද පල ගැන දැනුමක් නොමැති පිරිසකගෙන් මුදල් එකතුකොට ඒවා කොටස් වෙළදපල ගැන දැනීමක් ඇති මණ්ඩලයක් මගින් කොටස් වෙළදපල තුල ආයෝජනය කිරීමයි.
මෙමගින් කොටස් වෙළදපල තුල ආයෝජනය කරන්නේ ඒ පිළිබද දැනුමක් ඇති ය නිසා අපහට ඇති විය හැකි විශාල අලාබ වලින් බේරීමට හැකිවේ.නමුත් unit  trust  වල ආයෝජනය 100% ම අවදානම් රහිත වන බව මින් නොකීවේ.කොටස් වෙළද පල සිදුවියහැකි කඩ වැටීම් ,නැගිටීම් යන දෙකේම බලපෑම unit  trust  ආයෝජකයන්ට ලැබේ.නමුත් කොටස් වෙළදපල ගැන හොද අවබෝදයක් නැති වීම නිසා සිදුවියහැකි පාඩු සිදු නොකිරීමට මෙම unit trust කරුවන් කටයුතු කරන බව කිව හැකියි.විෂශේයන්ම unit  trust  වල ආයෝජකයන් හොද පළපුරුදු මෙන්ම ඒ ගැන හොද දැනීමක් ඇති ය ලෙස හදුන්වා දිය හැක.
මගේ අදහස වන්නේ unit  trust  වල ආයෝජනය කිරීම හොද දෙයක් බවයි.මෙය කොටස් වෙළද පලේ කෙලින්ම ආයෝජනය කිරීමට නොහැකි අයට මෙන්ම දවසේ කාලය කළමනාකරණය කිරීමට අපහසු අයට හොද ආයෝජන ක්‍රමවේදයකි.එසේ වන්නේ සෑම විටම  කොටස් වෙළදපලේ සිදුවන වෙනස් වීම් ගැන අවදානය යොමු කිරීම නොකළයුතු වීමයි.

4 comments:

  1. තව විස්තර ටිකක් දෙන්න පුලුවන්නම් හොඳයි.

    ReplyDelete
  2. goood topic.need more
    keep it up

    ReplyDelete
  3. unit trust company ake ayojanayanaya karanne kohomada.. godak wistara ona.. apata....
    thank u..

    ReplyDelete